පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි ‘දඩ මුදල් ගෙවන ලෙසට’ ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණොත් ඒ පිළිබඳව වහාම ළඟම පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙස පොලිසිය ජනතාවට දැනුම්දෙයි. 

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා සඳහන් කළේ පොලිසිය විසින් කිසිවිටෙක එවැනි කෙටි පණිවුඩ නිකුත් නොකරන බවය.

“ඔබ විසින් සිදුකරන ලද රථවාහන වැරදි කිහිපයක් සඳහා සතියක් ඇතුළත වහාම ලබාදී ඇති සබැඳියාව (web link) හරහා ගොස් අදාළ දඩ මුදල් ගෙවන ලෙසට පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි ඔබගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් හෝ වෙනයම් අයුරකින්‍ ව්‍යාජ කෙටි පණිවුඩයක් ලැබිලා ඇති.”

“නමුත් එහෙම කෙටි පණිවුඩයක් රථවාහන කොට්ඨාසය මගින් ලබාදීලා නැහැ. මේවා සම්පූර්ණ ව්‍යාජ පණිවුඩ‍.”

“මෙවැනි web link හරහා ගිහින් තමන්ගේ පුද්ගලික තොරතුරු, බැංකු තොරතුරු ලබාදෙන්න යන්න එපා. ඒ,  web link විවෘත කරන්න යන්නත් එපා.”

“එවැනි ව්‍යාජ කෙටි පණිවුඩයක් ලැබුණොත් ළඟම තියෙන පොලිසියට දැනුම්දෙන්න. පොලිස් රථවාහන කොට්ඨාසය මගින් එවැනි කිසිම කෙටි පණිවුඩයක් ලබාදෙන්නේ නැහැ.”

Share.
Leave A Reply

Exit mobile version