නීතිවිරෝධීව සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමට අත්අඩංගුවට ගත්‍ දේවගැතිවරයාගේ වාහන අංගනයේ තිබී තවත් සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබේ.

මහනුවර ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම මෝටර් රථය සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වී ඇත.

එලෙස සොයාගත් සුඛෝපභෝගී මෝටර් රථයට සමාන අංකයක් ඇති මෝටර් රථයක් කුරුණෑගල – හෙට්ටිපොළ ප්‍රදේශයේ ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග අදාළ රථය පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තෙල්දෙණිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙහෙයවනු ලබයි.

Share.
Leave A Reply

Exit mobile version