පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වනදා නිකුත්කෙරුණු අතර එම විභාගයට පෙනී සිටි පිරිවෙන් අධ්‍යාපනය ලබන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල මෙලෙස අද දිනයේ නිකුත්කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version