සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත මිනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත. 

මේ අතර මෙම කරුණට අදාළව මාවතගම සහ සීතාවක නගර සභා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු පෙත්සම් ද නිෂ්ප්‍රභ කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version