මේ වසරේ ගත වූ මාස 7ක කාලය තුළ දිවයින පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකරනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 922ක් සොයාගෙන ඇතැයි පොලීසිය පැවසීය.

අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණි.

ඒ අනුව 2025.01.01 වන දින සිට 2025.07.11 වන දින දක්වා වූ කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇති අතර, එහිදී අයිස් කිලෝග්‍රෑම් 1,386ක්, ගංජා කිලෝග්‍රෑම් 10,895ක්, කොකේන් කිලෝග්‍රෑම් 22ක් සහ හෑෂ් කිලෝග්‍රෑම් 329ක් මෙන්ම පුද්ගලයින් 106,000ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වුට්ලර් මහතා පැවසීය.

මේ අතර 2025.04.13 වන දින සිට 2025.07.12 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලද විශේෂ අපරාධ මෙහෙයුම්වලදී 35,442ක් නඩු ගොනුකර ඇති බවත් පැවසූ ඒ මහතා එම කාලය තුළ පමණක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 302ක්, අයිස් කිලෝ ග්‍රෑම් 104ක් සහ ගංජා කිලෝ 2,641 පොලිස් භාරයට ගෙන ඇතැයි ද සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version