රුපියල් මිලියන 1152කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කිලෝමීටර් 200ක් පමණ දුරින් වූ ගැඹූරු මුහුදේදීය.
මෙහිදී බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඔවුන් අවුරුදු 23-33ත් අතර ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
ධීවර යාත්‍රාව ගාල්ල වරයට රැගෙන විත් සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී උර දෙකක් තුළ පාර්සල් 40ක මෙම හොරයින් තොගය අසුරා තිබියදී නාවික හමුදාව සොයාගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ එය කිලෝ 46යි ග්‍රෑම් 116ක බරකින් යුක්ත බවය.
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.