දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වලින් ඊයේ (24) දිනයේ දී පුද්ගලයින් 1,006ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එමෙන්ම දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කරයි.

ඒ අනුව කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

 ඊයේ (24) දිනයේ වාර්තාව පහත පරිදි වේ.

පරීක්ෂා කල පුද්ගලයින් ගණන 28,669

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 1,006

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 31

අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 378

අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 223

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් 63

අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් 20

රථවාහන වෙනත් වැරදි 4364

Share.
Leave A Reply

Exit mobile version