රටම එකට ජාතික මෙහෙයුම ජාතික වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ටොන් දහයකට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. 

මේ බව අනාවරණ වූයේ, මෙම මෙහෙයුමට අදාළ මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය. 

ඒ අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 2,100කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත. 

එමෙන්ම හෙරොයින් කිලෝග‍්‍රෑම් 1,950කට අධික සංඛ්‍යාවක් ද ගංජා මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 5,800කට ආසන්න ප‍්‍රමාණයක් ද කොකේන් කිලෝග්‍රෑම් 280කට අධික සංඛ්‍යාවක්ද මත්පෙති 1,736,349ක ප‍්‍රමාණයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

Share.
Leave A Reply

Exit mobile version