නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති මිලියන 1.3ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේ දී මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇති අතර එහිදී ඩිංගි යාත්‍රා 03ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්  අවුරුදු 22 සහ 44 අතර වයස් ඛාණ්ඩයේ  පසුවන්නන් බව ද  වාර්තා  වෙයි.

සැකකරුවන් මොහොත්තුවාරම්, කුරක්කන්ගේන, වන්නිමුන්දලම සහ සින්න කුඩුරිප්පු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසකි.

අදාළ සැකකරුවන්, ඖෂධ පෙති තොගය සහ ඩිංගි යාත්‍රා තුන ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත භාර දී තිබේ.

Share.
Leave A Reply

Exit mobile version