අද (06) දිනයේ,  දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.2 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද අළුයම් කාලයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ දත්ත අනුව මෙය ඉදිරිපත් කර තිබේ.

අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දැක්වේ.

එමෙන්ම ඊයේ (05)  දිනයේ උපරිම වර්ෂාපතනය මි. මී 173.5 ක් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව දැනුම් දී ඇත.

ඊයේ උදෑසන 8.30 සිට අද උදෑසන 8.30 දක්වා පැය 24 ක කාලය තුල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් වාර්තා වූ වර්ෂාපතනයන් අනුව මෙය ඉදිරිපත් කර ඇත.

එම අන්තර්නිවේශනය කරන ලද අගයන් පහත සිතියමේ දැක්වේ.

Share.
Leave A Reply

Exit mobile version