ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත්  බේකරි ජානා” නැමැති  මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය  සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ   අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 45 වන පුද්ගලයෙකි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17, මිලි ග්‍රෑම් 60 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සදහා  කාර් රථයකින් ගමන් කරමින් සිටිය දී දෙහිවල පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Share.
Leave A Reply

Exit mobile version