පසුගියදා සම්මත වූ Online Safety පනත පිළිබඳ ජනතාවගේ දැනුම ඉතා අල්ප බව Verité Research සමීක්ෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම සමීක්ෂණයේදී 66% ක් මෙම පනත සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට අනාවරණය වී ඇති අතර, පනත ගැන දැනුවත්ව ඇත්තේ 34% ක පිරිසක් බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

එසේම 56% ක පිරිසක් මෙම පනත හරහා සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අඩුවන බවට ප්‍රකාශ කර ඇති අතර 25% ක් මෙම පනත මඟින් වැඩි වෙනසක් සිදුනොවන බව ප්‍රකාශ කර තිබෙනවා. තවත් 19% ක් සමාජ මාධ්‍ය අවභාවිතය මේ හරහා අඩුවනු ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version