ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.

හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත.

පසුගිය වසර 5 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය  නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය. වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.

Share.
Leave A Reply

Exit mobile version