නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු නම් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධයාපනය හදාරා ඇති ඔහු මීට පෙර යුද්ධ හමුදාවේ නියෝජ්‍යය මාණ්ඩලික ප්‍රධාන ලෙස කටයුතු කරන ලදී.

2025 ජනවාරි 1 වැනි දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාරගැනීමට නියමිත බවද වාර්තා වෙයි.


බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන රියර් අද්මිරාල් බානගොඩ 1989 වසරේදී නාවික හමුදා 19 වැනි බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක්ව තිබේ.

Share.
Leave A Reply

Exit mobile version