මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් මියගිය 25දෙනා අතර බන්ධනාගාර නිලධාරීන් 05 දෙනෙක් සහ රැඳවියන් 20 දෙනෙකු සිටින බව මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය සදහන් කළාය.

මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ 13දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

අද පෙරවරුවේ යළිත් මීගමුව බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැණුනි.

එහිදී රැඳවියන් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට උත්සාහ කළ අතර තත්ත්වය පාලනය සඳහා පොලිසිය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවනු ලැබීය.

අප වාර්තාකරු සඳහන් කළේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක් ද ඇසුණු බවය.

උදෑසන 10.00 ට පමණ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කරගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

එහිදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ව වහාම රෝහල් වෙත රැගෙන යනු ලැබීය.

අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් තත්ත්වය පාලනය සඳහා බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු විය.

මේ අතර බන්ධනාගාරය ඇතුළත තත්ත්වය නිරීක්ෂණයට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා ද යොදවා තිබේ.

ඩ්‍රෝන යානා 02ක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එම ස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් හමුදාව සදහන් කළේය.

එමෙන්ම එහි ආරක්ෂක තත්ත්වය පාලනයට තවත් හමුදා සාමාජකයින්ද යොදවා ඇත.

Share.
Leave A Reply

Exit mobile version