ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2024 දෙසැම්බර් මස 31 වැනි දින සහ අද දින (2025 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
ඒ අනුව, ඉදිරි මාස 03 ක කාලසීමාවක් මෙම ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ හා ආචාර සමාචාර සිදු කිරීමේ රාජකාරීන් සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්ර සම්මාන මුරයේ රාජකාරීන් ශ්රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අතර, මෙම විශේෂ රාජකාරීන් අධීක්ෂණය ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනයේ අණදෙන නිලධාරී විසින් සිදු කෙරෙනු ඇත.
Trending
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්රවේශ මාර්ග තුනක්
- 2028 ඔලිම්පික් උළෙලේදී ක්රිකට් තරග පැවැත්වෙන ක්රීඩාංගණය මෙන්න
- ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
- සූර්ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
Saturday, April 19