මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමී දෙදෙනා පෘථිවිය බලා පැමිණීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටියේ, සනි විලියම්ස් සහ බුච් විල්මෝර් යන දෙපලය.

තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් සමගින් ඔවුන් පෘථිවියට පැමිණෙන්නේ පෙරේදා (16) ඒ වෙත ළඟා වූ ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානයෙනි.

පෘථිවියට පැමිණීමේ අපේක්ෂා පිළිබඳ අදහස් පළ කළ සනි පවසා තිබුණේ තමන්ට දැන් ඇවිදින ආකාරය පවා අමතකව ඇති බවය.

Share.
Leave A Reply

Exit mobile version