බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) පැවති Dhaka Capitals කණ්ඩායමට එරෙහි තරගයේ දී Noakhali Express කණ්ඩායම වෙනුවෙන් 41 හැවිරිදි මොහොමඩ් නබි හා ඔහුගේ පුත් හසන් එයිසාකිල් දෙදෙනාම එක්ව පිතිකරණයේ නිතර වූහ.

මෙලෙස ලොව පිළිගත් ක්‍රිකට් ලීගයක පිය-පුතු දෙපළක් එක්ව පිතිකරණයේ නිතරව ඇත්තේ පළමුවරට බව ක්‍රිකට් වාර්තා සඳහන් කරයි.

මේ වනවිට 19 හැවිරිදි වියේ පසුවන නබි පුත් එයිසාකිල් ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණ පන්දු 60කින් ලකුණු 92ක් රැස්කිරීමටද සමත් විය.

එහිදී පිය-පුතු යුගලය 4වන කඩුල්ල වෙනුවෙන් පන්දු 30කින් ලකුණු 53ක සබඳතාවක්ද ගොඩනැගූහ.

වසර 3කට පෙර පළමුපෙළ හා දේශීය විස්සයි20 තරග ක්‍රීඩාකිරීමට ආරම්භ කළ එයිසාකිල්ගේ පළමු විදෙස් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය මෙය විය.

මෙම තරගයේ දී Noakhali Express ලකුණු 184/7ක් රැස්කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස Dhaka Capitals කණ්ඩායමට පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.

ඒ අනුව ලකුණු 41ක ජයක් පිය-පුතු යුගලය ක්‍රීඩාකළ Noakhali Express කණ්ඩායමට හිමිවිය.

Share.
Leave A Reply

Exit mobile version