පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ඊයේ (09) රාත්‍රී කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර උඩ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ ස්ථාන දෙකක දී ගල්පර්වත සමග පස්කඳු කඩාවැටී එක් මංතීරුවක් අවහිර වී ඇති බව හපුතලේ පොලීසිය කියයි.

ප්‍රපාතාකාර බෑවුම් සහිත මෙම මාර්ගයේ අනිත් පස මංතීරුව ගිලාබැසීම් ඇතිවිය හැකි බැවින් තනි මංතීරු කොටස ඔස්සේ බර වාහන ධාවනය අනතුරුදායක බව ද පෙන්වා දෙයි.

තවදුරටත් පස්කඳු කඩාවැටීමේ හා ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version