ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලොව පුරා Facebook, messenger සහ Instagram සමාජ මාධ්‍ය හිටිහැටියේ අක්‍රිය වූයේ ඊයේ දිනයේය. ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුකම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි ද පැවැසෙයි. මෙටා සමාගමේ මෙම බිඳ වැටීම සිදුවූයේ තාක්ෂණික දෝෂයක් නිසාය. පැය කීපයක් යද්දී දෝෂය නිවැරදි කිරීමට ‘මෙටා’ සමාගමේ තක්ෂණික අංශය කටයුතු කළේය. (CNBC, CNN)

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version