ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද (11) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ සඳහන් කළේ.

බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත කර ගැනීමට නොහැකි වීම සහ පුරප්පාඩු පවතින සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීමට පාලන අධිකාරිය අපොහොසත් වීම යන කරුණු මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවද ඔහු සඳහන් කළා. මේ අතර අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා.

එසේම විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද 40 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version