දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

විවිධ දානපතියන් හා පරිත්‍යාගශීලීන් විසින් විශාල පරිත්‍යාගයන් ලංකාවේ පාසල් පද්ධතියට සිදුකර ඇති බවත්, විවිධ ආධාර සිදුකරන මුවාවෙන් දේශපාලන රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version