දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී අද (30) උදෑසන ඝාතනය කර තිබේ.

තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර කාන්තාවකට තුවාල සිදුකර රෝහල් ගත කර ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 24 හැවිරිදි සේරුපිටිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. 

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා විසින් තම පුතා සහ ලේලියට තියුණු ආයුධයකින් පහරදී මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පොළොන්නරුව රෝහලට යොමු කර තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

Exit mobile version