ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වැනිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය එල්පීඑල් තරගාවලියේ සිව්වැනි තරගාවලිය වන අතර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වීමට නියමිත වේ.

ක්‍රීඩක වෙන්දේසියේ දී, එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයන් 24 දෙනෙක් සහ අවමය ක්‍රීඩකයන් 20 දෙනෙක් ලෙස සංචිතගත කර ගැනීමට හැකිව තිබෙන අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් එක් කර ගැනීමට ද හැකියාව ඇත. ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගනු ලබන ක්‍රීඩකයන් සහ වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩක ආදේශන ද ඇතුළත්ව එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් මිලියනය බැගින් වියදම් කිරීමට අවස්ථාව ලැබේ. එසේම එක් කණ්ඩායමකට වෙන්දේසියට පෙර ක්‍රීඩකයන් සිව්දෙනෙක් හෝ තිදෙනෙක් සමඟ සෘජුව ගිවිසුම්ගත වීමට හැකිය. (සෘජු උපුටාගැනීම: දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version