2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Jaffna Kings අතර පැවති තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Towhid Hridoy ලකුණු 54 ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 25 ක්, ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 ක් හා Rahmanullah Gurbaz ලකුණු 21 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ සහ Naseem Shah එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි. Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කින් ලකුණු 58 ක් රැස් කළ අතර Babar Azam ලකුණු 7 ක්, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 17 ක්, චාමික කරුණාරත්න ලකුණු 23 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Hardus Viljoen කඩුලු 3 ක්, දිල්ෂාන් මදුෂංක හා විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version