Dambulla Aura vs Galle Titans (Qualifier 1)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර පැවති Qualifier 1 තරගය කඩුලු 6 කින් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් ලසිත් කෘස්පුල්ලේ ලකුණු 80 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Hayden Kerr කඩුලු 3 ක් හා Noor Ahmad කඩුලු 2 ක් ලබා ගත්තා.

ජයග්‍රහණය සඳහා Dambulla Aura කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 147 ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Aura කණ්ඩායම 19 වන පන්දු වාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ඒ අනුව 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වූණා.

B-Love Kandy vs Jaffna Kings (Eliminator)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවති Eliminator තරගයෙන් ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට B-Love Kandy කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 127 ක් පමණයි.

ඒ අනුව තරගය ලකුණු 61 කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වූ අතර ඔවුන් 19 වනදා Galle Titans කණ්ඩායම සමඟ Qualifier 2 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version