B-Love Kandy vs Galle Titans
ඊයේ පළමු තරගය B-Love Kandy කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර පැවති අතර කාසියේ වාසිය දිනාගත් Galle Titans කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් B-Love Kandy කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා ගත්තා. මෙහිදී වනිඳු හසරංග සිය ක්‍රිකට් දිවියේ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීම වඩාත් කැපී පෙනුනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Titans කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 114 ක් පමණක් වන අතර ඒ අනුව තරගය ලකුණු 89 කින් ජය ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
Colombo Strikers vs Jaffna Kings
දෙවන තරගය Colombo Strikers කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වූ අතර ඔවුන් කඩුලු 6 ක ජයක් ලබා ගත්තා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.