ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු. 100 කින් (නව මිල රු.3,690)
  • කිලෝ ග්‍රෑම් 5 – රු. 40 කින් (නව මිල රු.1,482)
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු. 18 කින් (නව මිල රු.694)

එමෙන්ම ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා. ඒ අනුව පෙර පැවති මිලටම මේ මාසයේ අලෙවි කටයුතු සිදුවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version