අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • කිලෝ ග්‍රෑම් 12.5 – රු.175 කින් (නව මිල රු.3,940)
  • කිලෝ ග්‍රෑම් 5 – රු.70 කින් (නව මිල රු.1,582)
  • කිලෝ ග්‍රෑම් 2.3 – රු.32 කින් (නව මිල රු.740)

එමෙන්ම ලාෆ් ගෑස් මිලද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

  • 12.5KG ගෑස් – රු.275 කින් (නව මිල රු.3,840)
  • 5KG ගෑස් – රු.110 කින් (නව මිල රු.1,542)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version