ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය එළුවතිව් දුපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය එකයි (301) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) 2025 මැයි මස 07 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානය වෙත ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික ‍නෞකා එළාර ආයතනය මඟින් එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල  මෙම සෝදිසි මෙහෙයුමේදි, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කල සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ උර අටක (08) පාර්සල් එකසිය තිස්නවයක (139) අසුරා තිබූ කේරළ ගංජා කිලෝ තුන්සිය එකයි (301) ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසීය විස්සකට (120) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහයුම නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 43 ත් 58ත් අතර වන මන්නාරම ඕළුතුඩුවායි සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් තිදෙනා (03), කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.  

Share.
Leave A Reply

Exit mobile version