මීගමුව බන්ධනාගාර ගැටුමට මුල් වූ බව පැවසෙන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තාව බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. 

පාතාල කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන බව පැවසෙන කටුවැල්ලේගම සුරේෂ්ට තියුණු ආයුධවලින් පහරදීම , මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය යන්නට චෝදනා එල්ල වී තිබුණි. 

මෙම පුද්ගලයා 2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට හා එහි සහායකයාට පහරදී බැඳ දමා ච්‍යෛයකට හානි කිරීමේ චෝදනාවක්ද එල්ලවී ඇත.

මීගමුව මහාධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් විභාග වෙමින් ඇති අතර, ඔහු දැනට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව බන්ධනාගාරගත කර සිටී. 

මීගමුව බන්ධනාගාරයේ කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 2,400කට අධික පිරිසක් රඳවා සිටින අතර,  විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනෙකු සිටි බව වාර්තා වුණි.

කෙසේවෙතත් ඊයේ (06) සහ පෙරේදා (05) යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. 

තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ අතර, ඉන් බරපතළ තත්ත්වයේ සිටි 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබුණි. 

මේ අතර අද (07) උදෑසන වනවිට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් බන්ධනාගාරය තුළ හා ඒ අවට ආරක්ෂාව තහවුරු කරමින් තත්ත්වය පාලනය කර තිබුණි.

Share.
Leave A Reply

Exit mobile version