මේ වනවිට පුරප්පාඩුවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

ඒ, සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ය.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේ දී සංවේදී කතාවක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවයි.

තලතා අතුකෝරල, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ අභාවප්‍රාප්ත ගාමිණි අතුකෝරල මහතාගේ සහෝදරිය වෙයි.

ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

මේ අතර 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් කරුණාරත්න පරණවිතාන මහතා ලබා තිබූ මනාප ගණන 36,787කි.

Share.
Leave A Reply

Exit mobile version