ඇන්ටාක්ටිකාවේ උසම කඳු මුදුන වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට යොහාන් පීරිස් පත්ව තිබේ.

ඒ මහාද්වීප හතේම උසම කඳු තරණය කිරීමේ ගවේෂණයේ කොටසක් ලෙසයි.

එම කන්ද මීටර් 4,892ක් උසකින් යුක්ත වේ.

ඔහුගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කර ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමයි.

කෙසේ වෙතත්, 50 හැවිරිදි ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ කොසිඔස්කෝ , අප්‍රිකාවේ කිලිමැන්ජාරෝ , යුරෝපයේ එල්බ්‍රෙස් සහ ආසියාවේ එවරස්ට් යන කඳු හතර සාර්ථකව තරණය කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version