උතුරු කොරියාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ, උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි. කොරියානු රජය වෙනුවෙන් එම නිවේදනය නිකුත් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජාංග්ය. නායක කිම් ජොන් උන්ට පසු උතුරු කොරියාවේ බලවත් චරිතයක් වන්නේ කිම් යෝ ජාංග්ය.

‘පුළුවන් ඉක්මනින්, නායක කිම් ජොන් උන් හමුවන්න ඕනෑ, ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා කැමැත්ත පළ කර තිබෙනවා.’ යැයි කිම් යෝ ජාංග් පවසා ඇත.

උතුරු කොරියාව සහ ජපානය අතරේ එදිරිවාදිකම් පවතී. උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික මිසයිල වැඩසටහන ඊට ප්‍රධාන හේතුවක් වී ඇත. උතුරු කොරියාව ඔවුන්ගේ දිගු දුර මිසයිල අත්හදා බලන්නේ ජපානය දෙසට ඒවා විදීමෙනි.

එය ජපානයට තර්ජනයකි. ජපානය, ඇමෙරිකාව සහ දකුණු කොරියාව සමඟ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට විරෝධය පළ කරයි. ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා, උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් යටතේය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version