අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් ජපාන රජය විසින් මෙරටට ලබාදී තිබේ.

මෙරට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ මැදහත්වීමෙන් පරිත්‍යාග කළ එම ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ (07) රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති අතර එහිදී මෙරට බලධාරීන් වෙත ඒවා භාරදීම සිදුව ඇති බවද සඳහන් වේ.

එම ආධාර තොගය පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමට නියමිතයි. 

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ උතුරු පළාතේ ජනතාව සඳහා ඉන්දීය රජය විසින් ද සහනාධාර තොගයක් ලබාදී තිබේ.

පේසාලේ, වෙල්ලන්කුලම්, තුනුක්කායි හා මාන්තෙයි යන ප්‍රදේශවල පීඩාවට පත් පවුල් 2100ක් සඳහා එම සහනාධාර බෙදාහැරීම ඊයේ දිනයේ සිදුකර තිබුණි.

Share.
Leave A Reply

Exit mobile version