කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

එම ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එම නිලධාරියා පැවසීය.

කෙසේවෙතත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග අන්තරේ කැඳවුම්කරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව පොලීසිය විසින් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් පිරිසක් අත්අඩංගුවට ගැනුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ අන්තරේ කැඳවුම්කරු ඇතුළු 10 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

Share.
Leave A Reply

Exit mobile version