කඩිනමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට යෝජනා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා. තිරිඟු පිටි මිල වැඩි කිරීමට සමාගම් කටයුතු කිරීමට ඉඩ ඇති බැවින්, තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version