ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයට පසුගිය 23 වනදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් ඇති බව ඉරානය පවසා අද (29) ඇත. 

ප්‍රහාරයෙන් පරිපාලන කාර්ය මණ්ඩලය, හමුදා සේවයේ නියුතු පිරිසක්, රැඳවියන්, රැඳවියන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන් සහ බන්ධනාගාරය අවට ජීවත් වූ අසල්වැසියන් ඇතුළු 71 දෙනෙකු මෙලෙස මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් එවින් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදු වී ඇති අතර මියගිය පිරිසකට අමතරව තවත් පිරිසක් තුවාල ලබා සිටින බව සඳහන් වේ.

එවින් බන්ධනාගාරයේ වසර තුනක් රඳවා සිට සිටින ප්‍රංශ පුරවැසියන් දෙදෙනෙකු ඇතුළු විදේශීය ජාතිකයන් ගණනාවක් සිටින බව ද වාර්තා වේ.

ඉරානය සමඟ පැවති යුද්ධයක් අවසානයේ, ඊශ්‍රායලය ටෙහෙරානයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ වඩාත්ම කුප්‍රකට බන්ධනාගාරයට පහර දුන්නේ, ඉරානයේ පාලන පද්ධතියේ සංකේත ඉලක්ක කර ගනිමින් හමුදා සහ න්‍යෂ්ටික ස්ථානවලින් ඔබ්බට තම ඉලක්ක පුළුල් කරමින් සිටින බව පෙන්නුම් කරමිනි.

Share.
Leave A Reply

Exit mobile version