ඉන්දු – ලංකා ධීවර ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දා දෙරටේ නිලධාරීන් සාකච්ඡා කළ බවය.

මෙම ගැටලුව විසඳීම සඳහා දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඇතැම් තමිල්නාඩු ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මෙම තත්ත්වයට දෙපාර්ශ්වයටම එකඟ විය හැකි විසඳුමකට කඩිනමින් එළඹීම වත්මන් රජයේ අරමුණ බව ද ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පවසන්නේ, මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරන තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් ද දැඩි කර ඇති බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වැනි දාත් 17 වැනි දාත් අතර ඉන්දියාවේ සංචාරයක නිරත වේ.

Share.
Leave A Reply

Exit mobile version