ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් අද පැවැත්විණ.

ඒ ඉන්දීය අගමැති මෝදිගේ අමෙරිකානු සංචාරය අතරතුරයි.

ධවල මන්දිරයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී දෙරට අතර වෙළෙඳාම, තීරුබදු සහ සංක්‍රමණ පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.

ජනාධිපති ට්‍රම්ප් සැමවිටම තම රට මුල් තැනට තබා ගන්නා ආකාරය  අගය කරන බව අගමැති මෝදී එහිදි පවසා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ජාවේදී පවසා ඇත්තේ, දෙරට අතර අඛණ්ඩව සබඳතා ගොඩනඟා ගැනීමට කටයුතු කරන බවයි.

Share.
Leave A Reply

Exit mobile version