නේපාලය කඩුලු 7කින් පරාජය කර ලොව පළමුවරට පැවැත් වූ දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව අද (23) සමත් විය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය, මෙරට පැරණිතම ටෙස්ට් ක්‍රීඩාංගණය වන කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම තරගාවලියට ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව සමගින් කණ්ඩායම් 6ක් සහභාගි විය.

Share.
Leave A Reply

Exit mobile version