ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ‘ඉන්දියාව’ යන නම වෙනුවට, ‘භාරතය’ යන සංස්කෘත නාමය භාවිතයට යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

‘ජී20’ රාජ්‍ය නායක සමුළුව, එලැඹෙන සති අන්තයේ, පැවැත්වෙන්නේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි.

ඊට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මුගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. ඒ සඳහා ඉන්දීය රජය විදෙස් නායකයන්ට ඇරැයුම්පත් යවා ඇති අතර, ඒවායේ සඳහන් වී ඇත්තේ ‘ඉන්දියාවේ ජනාධිපති’ යනුවෙන් නොව ‘භාරතයේ ජනාධිපති’ යනුවෙනි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ඉන්දියාවේ නම වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ නිසාය. ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව, නවදිල්ලි අගනුවර පැවැත්වෙන්නේ ලබන 9 වැනිදා සහ 10 වැනිදාය. රාජ්‍ය නායකයන් වෙනුවෙන්, ඉන්දීය ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ 9 වැනිදා රාත්‍රියේය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ආදී ලොව ප්‍රබල බටහිර නායහකයෝ රැසක් සමුළුවට සහභාගී වෙති. (හින්දුස්ථාන් ටයිම්ස්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version