බඩ ඉරිඟු මත පනවා තිබූ ආනයන බද්ද පහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.