යම්කිසි රටක් දරාගත නොහැකි අන්දමින් ණය ලබාගැනීමෙන් අත්වන ඉරණම දැකගැනීමට කැමතිනම් එයට කදිම නිදසුන ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටාලිනා ජෝගිවා මහත්මිය පවසයි. මේ අන්දමින් දරාගත නොහැකි ප්‍රමාණයකින් රටක් ණය ගත්විට ඇතිවන දේශපාලන අර්බුදය ද ඉන් මනාව පැහැදිලි වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කලාය.

ඉන්දුනිසියාේ පැවති G20 රටවල් මුදල් ඇමැතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් සදහා පැවැති රැස්වීමකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ බව සඳහන් කරන ලදි. වර්තමානයේදී ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය භාණ්ඩ හිග වීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ද පවසයි.

Share.
Leave A Reply

Exit mobile version