ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමුර්ති සුබ්‍රමනියම් ස​හ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්වුණා.

මෙහිදී රාජ්‍ය ආදායම සහ රටේ ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා නි‍වේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

එහිදී කළ සාකච්ඡා සාර්ථක බවත් නුදුරේ දීම IMF පළමු වාරිකය ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version