නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය වසරේ දී අදාළ දුම්වැටි තොගය තීරුබදු නොගෙවා මෙරටට රැගෙන විත් තිබු අතර එහි වටිනාකම රුපියල් බිලියන 1.2ක් වන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ අංගනයේදී එම දුම්වැටි තොගය විනාශ කර ඇත.

2024, 2022‬ සහ 2018 යන වසරවලදී රේගුව විසින් අත්අඩංගුවට ගත් එම දුම්වැටි තොගය රේගු විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීමට කටයුතු කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version