එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි ඇදහැලීමට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. මහ වැසි හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත. රජයේ සහ පෞද්ගිලක අංශයේ කාර්යාල වසා දමා ඇත්තේ නිවසේවල සිට රාජකාරි කිරීමට අවසර දෙමිනි.

මහ වැසි සමඟ අකුණු කුණාටු සහ සුළි සුළං තත්ත්වයක් ද හටගෙන ඇත. මිලිමීටර් 50 ට වැඩි මහ වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ඩුබායි නගරයේ ස්ථාන කීපයක් මහ වැසි නිසා ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි. මහ වැසි නිසා අවලංගු කළ ගුවන් ගමන් ගණන 13 කි. ඩුබායි බලා පැමිණෙන ගුවන් යානා බොහොමයක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යැවීම සිදුවුණු බව ද පැවැසෙයි. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version