2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති මූලික වටයේ 39 වන තරගය කඩුලු 3 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 291 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඉබ්‍රාහිම් සද්‍රාන් (Ibrahim Zadran) ලකුණු 129 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 7 ක් ලකුණු 91 ක් තුළ බිඳ වැටුණු අතර අනතුරුව පිටියට පැමිණි Glenn Maxwell විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 201 ක් ලබා ගෙන ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් නවීන් උල්-හක් (Naveen-ul-Haq), රෂිඩ් ඛාන් (Rashid Khan) හා අස්මටුල්ලාහ් ඔමර්සායි (Azmatullah Omarzai) කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version