පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවය. 

ඊයේ (20) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විජිත හේරත් අමාත්‍යවරයා අදහස් පළ කළේය.

“පර්මිට් දෙන්නේ නෑ. දැන් ඒක නතර කරලා තියෙන්නේ. ඒක පැහැදිලියි.”

ප්‍රශ්නය – පර්මිට් එක කාලයකට කලින්ම නතර වුණානේ ?

“ඒ ඇවිල්ලා පර්මිට් එක දෙනවා. වාහනය ගේන්න දෙන්නේ නෑ නේ. මන්ත්‍රීවරුන්ට නෙමෙයි. රජයේ සේවකයින්ට.”

ප්‍රශ්නය – මන්ත්‍රීවරුන්ගේ පර්මිට් එක නතර කළේ ගෝඨාභය ජනාධිපතිතුමා?

“මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා. කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්…”

Share.
Leave A Reply

Exit mobile version