ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එසේ කිරීමට අවශ්‍යනම් තමන් විසින් හඳුන්වා දුන් නව පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකියාව පවතින බවය.
“ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අපි ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වෙලාවේ මට අද වගේ මතකයි වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යතුමා විජිත හේරත් මහත්තයා වෛරයෙන් ක්‍රෝධයෙන් වෙව්ල වෙව්ල කෑ ගැහුවා පාර්ලිමේන්තුවේ මේ පනත් ගේන්න අපි ඉඩ දෙන්නේ නෑ අපිට ඕනේ ත්‍රස්තවාදය වෙනුවෙන් අලුත් පනත් ගේන එක නෙමෙයි තියෙන එක මුළුමනින්ම අහෝසි කරලා දාන්න කියලා. මේ යුද්ධයක් නැති රටේ මොකටද ත්‍රස්තවාදී පනත් කියලා. එහෙම කියපු අය මේ ත්රස්තවාදයේ පනත පාවිච්චි කරලා, මිනිස්සුන්ට දස වධ දීලා, කියන විදියට රටත් එක්ක හිරිකිතයි නේ. බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා ගෙනිහිල්ලා ෂෙල් එකක දාලා හිරකරලා, නිරුවත් කරලා, CIDය පිළිගත්තා නේ. මිලේච්ඡත්වයට තමා අපි විරුද්ධ. විමර්ශනය ගැන ප්‍රශ්නයක් නෑ. දැනුත් සම්මත කරගන්න ප්‍රශ්නයක් නෑ. ආපහු මේකේ හදන්න දෙයක් නෑ. මේ නීතිය තවදුරටත් තියාගන්න නේ කොමිටු පත්කරන්නේ.”
